මහා වැඩි සමඟ ජල ගැලීම්, නායයාම් ආදී අනුතුරු සිදුවෙමින් පවතින අතර ජල ගැලීම් හේතුවෙන් ගලේවෙල පදිංචි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් හතර දෙනෙකු අතුරුදහන්වී තිබේ.
පවතින වැසි සහිත තත්වය හේතුවෙන් උතුර, මධ්‍යම, වයඹ, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලට බැලපෑම් එල්ලවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ වනවිට එම පළාත්වල පවුල් 2,623ක පුද්ගලයින් 8,021දෙනෙකු පීඩාවට පත්ව සිටිති.
මේ වනවිට රාජාංගනය, දැදුරු ඔය සහ කළුගල්ඔය ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කර ඇතැයිද වාර්තා වේ.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, අයගම සහ රත්නපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අද (23) සවස නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කළ බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
වර්ෂාවත් සමඟ එම අවදානම් කලාපවල පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.









