අද (23) දිනයට මේ වනවිට කොවිඩ් – 19 සාදිතයින් 580දෙනෙකු මෙරටින් වාර්තාවී තිබේ.
එම ආසාදිතයින් අතරින් 507 දෙනෙකු වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය. අනෙක් 72 දෙනා වාර්තා වන්නේ බන්ධනාගාර ආශ්‍රිතවය.
විදේශයන්හි සිට පැමිණි එක් අයෙකුද වාර්තා වේ.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 34,960ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 8,573 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 36,639කි.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 183කි.



0










