කැගල්ලේ ධම්මික කපුමහතා විසින් නිෂ්පාදනය කළ “පැණිය” පරීක්ෂණ කටයුතු සඳහා තම ආයතනය වෙත තවමත් ඉදිරිපත් කර නැතැයි ජාතික පර්යේෂණ කවුන්සිලයේ සභාපති මහාචාර්ය හේමන්ත දොඩම්පහල පවසයි.
නිපුණතා සංවර්ධන රාජ්‍ය ඇමතිවරයාට ලිපියක් යොමු කරන මාහාචාර්ය දොඩම්පහල වැඩිදුරටත් සඳහන් කරන්නේ පරික්ෂණ සඳහා “පැණිය” ලබා දුන්නේ නම් අදාල පර්යේෂණ සිදුකර වාර්තාවක් ලබා දිය හැකි බවයි.
කෑගල්ලේ පැණිය සම්බන්ධයෙන් අදහස් දක්වන සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත බන්ඩාර පවසන්නේ “පැණි ව්‍යාපෘතිය” තනිකරම ආණ්ඩුව විසින් “ජනතාව අන්දන” ව්‍යාපෘතියක් බවයි.
1










