මුතූර් පොලිසියට කොරෝනා ප්‍රහාරයක්

මුතූර් පොලිසියට කොරෝනා ප්‍රහාරයක්

කොරෝනා වෛරසය ආසාදිතයන් 12 ක් හමුවීමත් සමඟ මුතූර් පොලිස් ස්ථානය වසා දමා ඇතැයි ත්‍රිකුණාමල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක පවසයි.

පොලිස් ස්ථානය වසා දැමුවද මුතූර් ලමා හා කාන්තා කාර්්‍යංශ භූමියේ තාවකාලික පොලිස් ස්ථානයක් ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසයි.

මේ අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පවසන්නේ පසුගිය දින කිහිපය තුල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 67ක් හමුවී ඇති බවයි.

ඇතිවී ඇති තත්වය මත ත්‍රිකුණාමලයට සංචාරය සඳහා නොපැමිණෙන්නැයි අනෙකුත් ප්‍රදේශවල ජනතාවගෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා ඉල්ලා සිටි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්