ජාතික රෝහලට පෞද්ගලික කොරෝනා සේලයින්…

ජාතික රෝහලට පෞද්ගලික කොරෝනා සේලයින්…

කොළඹ මහනගර සභා සීමාව සහ දිස්ත්‍රික්කය තුළ විශාල වශයෙන් කොවිඩ් ආසාදිතයින් ව්‍යාප්තවෙමින් තිබියදීත් ජාතික රෝහලට මේ දක්වා නොතිබුණු PCR යන්ත්‍රයක් පෞද්ගලික රෝහල් ව්‍යාපාරයකින් ලබාදී ඇති බව මාධ්‍ය මගින් හෙළිකර තිබේ.

රුපියල් මිලියන 05ක් වටිනා PCR යන්ත්‍රයක් පසුගිය 22දා ජාතික රෝහලට ලබාදී ඇත. මෙම රෝහල ඇතුළු රෝහල් ගණනාවකට PCR පරීක්ෂණ යන්ත්‍ර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කර තිබිණි. කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග “ඉටුකම” නමින් ජනාධිපති අරමුදලක් පිහිටුවනු ලැබීය.

එයට මේ වනවිට රුපියල් රුපියල් 169 කෝටියකට ආසන්න මුදලක් ලැබී තිබියදී රෝහල් සඳහා අත්‍යාවශ්‍ය PCR යන්ත්‍ර ඇතුළු කෝරෝනා වෛරසය පාලනය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදී නොතිබිණි. එම අඩුව පිරවීම සඳහා පෞද්ගලික රෝහල්වලින් එම යන්ත්‍ර ලබාදෙන තත්වයට පත්ව තිබේ. එම යන්ත්‍රයක් සඳහා වැයවී ඇත්තේ රුපියල් මිලියන 05ක් වැනි අඩු මුදලක් වීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn