වරාය විකුණන්නේ පාඩුවට නෙවෙයි… වීරවංසගේ කට මාරුවෙයි…

වරාය විකුණන්නේ පාඩුවට නෙවෙයි… වීරවංසගේ කට මාරුවෙයි…

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දීය අදානි + විල්මා සමාගමට විකුණාදැමීම සඳහා ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් රට තුළ විශාල විරෝධයක් මතුවෙමින් තිබියදී කර්මාන්ත ඇමති විමල් වීරවංශ පවසන්නේ වරාය පෞද්ගලික අංශයට පවරන්නේ පාඩු නොලබන ආකාරයට බවයි.

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවේ 22දා පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවසානයේ මාධ්‍යට ඔහු මේ බව පවසා ඇත. මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත වාර්තා කර තිබුණේ මෙසේය.

“කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයකින් සංවර්ධනය කිරීමට සහ නැව්වලට අවශ්‍ය සේවාවන් සැපයීමට අනුමැතිය ලබාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පෞද්ගලික හවුල් කාරිත්වයක් සිදුවේනම් එය කොයි ආකාරයෙන් කුමන සමාගමක් සමගද යන්න ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් නැවත ඉදිරිපත් කළ යුතුයි”

කර්මාන්ත ඇමතිවරයා මෙලෙස ප්‍රකාශ කළද මෙය ඉන්දීය අදානි සමාගමට ලබාදිමේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතිබවත් ඊට අනුමැතිය ලබාගත් බවත් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන පසුගියදා මාධ්‍යට ප්‍රකාශ කළේය.

Facebook
Twitter
LinkedIn