ඊයේ (08) දිනයේත් වාර්තා වු ආසාදිතයින් 798 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 526කි.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙක් වාර්තා වී තිබේ.
විදෙස්ගතව සිට මෙරටට පැමිණි එක් ලාංකිකයෙක් ද ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබිණි. ඔහු ජෝර්දාහන් සිට පැමිණි අයෙකි.
එමෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රයෙන් හමුවූ පොකුරෙන් 567ක්ද බන්ධනාගාර ආශ්‍රයෙන් හමුවූ පොකුරෙන් 230ක්ද වාර්තා වී ඇත.
මේ අතර මෙරට දෙවන රැල්ලේ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 25,822ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 29,378කි.
මේ වන විට කොවිඩ් ආසාදිතයින් 7,978ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
ජීවිතක්ෂයට පත්ව ඇතැයි මේ වනවිට නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 142කි.









