ප්‍රශ්න කිරීම් සිදුකරන සහ අත්අඩංගුවට ගැනීමට බලය ඇති සියලුම පොලිස් ස්ථානවල සහ විමර්ශන ආයතනවල කාර්යාලවල ආරක්ෂක කැමරා සවි කිරීමට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 2 දින නියෝග කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය රාඡ්‍ය ව්‍යවස්ථාවෙි 21 වන වගන්තිය යටතේ ව්‍යවස්ථානුකූලව සහතික කර ඇති අයිතිවාසිකම්වලට අනුකූලව තම නියෝග ලබා දී ඇති අතර එය ඕනෑම මිනිසෙකුට ජීවත්වීමේ අයිතිය සහ පුද්ගලික නිදහස ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටී. විනිසුරු ආර්.එෆ්. නරිමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් පසුගිය බදාදා දින මෙම නියෝගය ලබා දී තිබේ.
මෙම කැමරාවන් පොලිස් ස්ථානයට ඇතුළු වන හා පිටවන ස්ථාන, අගුලු දමන ලද සියලුම ප්‍රශ්ණ කිරීමේ හා රඳවාතැබීමේ කුටි, කොරිඩෝව, ලොබි, පිළිගැනීමේ ස්ථානය, උප පොලිස් පරීක්ෂක සහ පරීක්ෂකගේ කාමර, පිළිගැනීමේ සහ පිටත සේදුම් කාමරවල සවි කළ යුතුය. ස්ථාපනය කළ යුතු සීසීටීවී පද්ධති රාත්‍රී දර්ශනයන් නැරඹිය හැකි විය යුතු අතර අවශ්‍යයෙන්ම ශ්‍රව්‍ය හා දෘශ්‍ය දර්ශන ඇතුළත් විය යුතුය. තවද, මාස 18 ක් සඳහා දත්ත සුරැකෙන පටිගත කිරීමේ පද්ධති සමඟ ආරක්ෂක කැමරා සවිකළ යුතු බව අධිකරණය නියෝග කළේය.
මෙය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉතා ඉහළ පිළිගැනීමේ නියෝගයකි. ත්‍රස්තවාදී නඩුවලදී, විශේෂයෙන්ම මුළු නඩුවම ගොනුකර ඇත්තේ ඊනියා පාපොච්චාරණ හෝ හෙළිදරව් කිරීම් වටා වන අතර ඒවා අමානුෂික ලෙස වධහිංසා පැමිණවීමෙන් උපුටා ගන්නා ලද්දකි. මේවාට පැහැදිලි වටිනාකමක් නොතිබුණත්, නඩු විභාගය ආරම්භ වීමටත් පෙර සිටම, පොලිසිය මාධ්‍ය කැදවා ඔහුගේ කට උත්තරය මාධ්‍යවලට පවසා චූදිතයා වැරදිකරු බව ප්‍රකාශ කරන ව්‍යාජ මාධ්‍ය ආයතනවලට පොලීසිය ඒවා කාන්දු කරයි.
ඉන්දීය රජයේ ආයතනයක් වන ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ (එන්.සී.ආර්.බී) දත්ත වලට අනුව, 2017 සිට මේ දක්වා අවම වශයෙන් පුද්ගලයින් 255 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ දී මියගොස් ඇති නමුත් වරදකරුවන් වී ඇත්තේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු පමණි. 2019 දී පොලිස් අත්අඩංගුවේ දී 85 දෙනෙකු මිය ගිය අතර ඒ සඳහා සැකපිට පොලිස් නිලධාරීන් 23 ක් අත්අඩංගුවට පත්විය. කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් අට දෙනෙකුට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කර තිබූ අතර, ඒ කිසිවක් වැරදිකරුවෙකු බවට පත් නොවීය. මෙය විනිසුරුවරුනගේ ඓතිහාසික තීන්දුවකි. “ප්‍රශ්න කිරීමේදී යම් ආකාරයක වගවීමක් සහතික කරනු ලබමින් සී.සී.ටී.වී. දර්ශන ලබා දෙන්නේ නම් එය විත්තිකරුට උපකාරී වනු ඇත” යැයි හයිද්‍රාබාද්හි නල්සාර් නීති විශ්ව විද්‍යාලයේ උපකුලපති සහ ව්‍යවස්ථා විශේෂඥ ෆයිසාන් මුස්තාපා මහතා පැවසීය.










