ශානිට අදත් ඇප නෑ

ශානිට අදත් ඇප නෑ

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන ලද උප පොලිස් පරික්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන දෙදෙනාගේ ඇප ඉල්ලුම් පත් ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (09) ප්‍රතික්ෂේප කර තිබේ.

ශාන් අබේසේකර මහතාට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බැවින් ඔහුට අසාධ්‍ය බවට වූ වාර්තාවක් අද ඔහුගේ නීතීඥයින් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එම ඇප අයදුම්පත්වලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා විරෝධතා ඉදිරිපත් කර තිබු අතර දෙපාර්ශවයේම කරුනු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

Facebook
Twitter
LinkedIn