ආගරපතන ඇල්බියන් වත්තෙත් කොටසක් ලොක්ඩවුන්

ආගරපතන ඇල්බියන් වත්තෙත් කොටසක් ලොක්ඩවුන්

තලවකැලේ, ආගරපතන ඇල්බියන් වත්තේ තෝන්ෆීල්ඩ් කොටස අද (09) වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පුර්ණයෙන්ම හුදකලා කොට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න සඳහන් කරයි.

මෙම තීරණය ගනු ලැබූවේ තෝන්ෆීල්ඩ් කොටසෙන් ඊයේ (08) හමුව ඇති කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයා තෝන්ෆීල්ඩ් වතු කොටසේ විශාල ප්‍රදේශයක් පුරා සැරිසැරීමත් එම වතු කොටසේ මංගල උත්සවයකට සහභාගිවීම හා තවත් පුද්ගලයන් විශාල පිරිසක් සමඟ සමීපව ඇසුරු කොට ඇති බවට ලද තොරතුරු අනුව යැයි ඒ මහතා පවසයි.

දැනට එම වතු කොටසේ පුද්ගලයන් 150ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කොට සිටින බවත් එම පිරිසගේ PCR පරීක්ෂණ ඉදිරියේදී සිදු කිරීමට පියවර ගන්නා බවත් ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn