ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ පිහිටි සුසිල් ප්‍රේමජයන්ත මහතාට අයත් අමාත්‍යංශ කාර්යාලය වහාම ඉවත්කර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මෙලෙස ඉවත් කරගන්න ලෙස දැනුම් දී ඇත. සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා යටතේ ජාතික අධ්‍යාපන ආයතනය හා ජාතික අධ්‍යාපන කොමිසම යන ආයතන ක්‍රියාත්මක වේ.
අධ්‍යාපන ලේකම්වරයා ලිඛිතව දැනුම් දී තිබෙන්නේ රාජ්‍ය අමාත්‍යංශය ජාතික අධ්‍යාපන ආයතනය වෙත ගෙනයන ලෙසයි.
881










