පැණිය ඖෂධයක් නෙවෙයි… ආහාරයක්…

පැණිය ඖෂධයක් නෙවෙයි… ආහාරයක්…

කෑගල්ල උඩුමාගම ධම්මික බණ්ඩාර නමැත්තකු සකස් කර ඇති කොවිඩ් රෝගය සුව වන බව කියන පැණිය ඖෂධයක් නොවන බවත් එය අතිරේක ආහාරයක් ලෙස භාවිත කිරීමට අනුමැතිය ලබාදුන් බවත් දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව සහ ජාතික කොවිඩ් මර්දන දේශීය වෛද්‍ය කමිටුව විසින් එම තීරණය ගත් බව විෂය භාර රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ප්‍රකාශ කරයි.

මෙම පැණිය සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් හා පර්‌යේෂණයක් මෙතෙක් ආරම්භ කර නොමැති බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ එදා ලංකාදීපේ වදකහ සුදිය ගෙන ආ ආකාරය අද Big Story දාලා “ඇන්ටිජන් මෑන්” පැණිය ගෙනා බවය. ලංකාවේ අහිංසක මිනිස්සු මේ ආකාරයට අන්දන්නේ මන්දැයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩිදුරටත් විමසයි.

Facebook
Twitter
LinkedIn