පසුගිය 07 වනදා පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පළ භූමියේ සිදු කළ අහඹු PCR පරීක්ෂණයකින් ආසාදිතයෙකු ලෙස අද (09) තහවුරු වූ පිළියන්දල නගරය ආසන්නයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවිකාව සේවය කළ එම කම්හල වසා දැමීමට කටයුතු කර තිබේ.
මෙම අහඹු PCR පරීක්ෂණය සඳහා බස්නැවතුම්පොලේදී තෝරාගෙන ඇති මෙම කාන්තාව පොල්ගස්ඕවිට, කඩාමාදූව, උඩුවපිටිය වත්ත පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
එම ප්‍රදේශයේ ඇයගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් නිවාස තුනක පදිංචි 13 දෙනෙකු, ඇය සේවය කළ ඇඟළුම් කම්හලේ සේවිකාවන් 17 දෙනෙකු ඇතුළු 30 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇත.
එම සේවිකාවට කොවිඩ් – 19 ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් අනාවරණය කරගෙන නැති අතර ඇයගේ ආශ්‍රිතයන් ලබන 12 වෙනිදා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.
187










