කෑගල්ලේ දේශීය වෛද්‍යවරයෙකු යැයි පවසන ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් කොවිඩ් – 19 වෛසරයට ප්‍රතිකාරයක් යැයි පවසන පැණියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
කෙසේ වෙතත් මෙම පැණිය ලබා ගැනීම සඳහා ජනතාව 15,000කට අධික ලෙස එම පුද්ගලයාගේ නිවස ඉදිරිපිට ඊයේ (08) රැස්වී සිටි අතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් එය බෙදා හැරීම ඊයේ දිනයේම තහනම් කරන ලදී.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ඖෂධ බාර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ඇතුළු පිරිසක් මෙම පැණිය රස බැලූ ආකාරයද පසුගියදා මාධ්‍ය තුළින් වාර්තා කර තිබිණි.



426









