බන්ධනාගාර රැඳවියන්ට වෙඩිතැබූ බව හෙළිවෙයි – Video

බන්ධනාගාර රැඳවියන්ට වෙඩිතැබූ බව හෙළිවෙයි – Video

පසුගියදා මහර බන්ධනාගරයේ සිදු වූ ඝාතන සිදුවීමේදී රැඳවියන් රැසක් වෙඩි වැදී ඝාතනයට ලක්ව ඇති බව අද (09) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය.

අධිකරණ අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳව විවාදයේදී අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර තිබූ කමිටු වාර්තාවක් දක්වමින් විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ මහර බන්ධනාගාර සිදුවීමෙන් ඝාතනය වූ රැඳවියන් කිහිප දෙනෙකුගේ සිරුරුවල වෙඩි වැදී ඇති බව එම අතුරු කමිටු වාර්තාවේ සඳහන් බවයි.

විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ මීට පෙර බන්ධනාගාර භාර ඇමතිවරයා පවසා සිටියේ මහර බන්ධනාගාර සිදුවීමෙන් මියගිය සිරකරුවන්ට වෙඩිවැදී නොමැති බවයි.

Facebook
Twitter
LinkedIn