රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ නෙදර්ලන්තයේ ජිනවංශ නැමති හැට හැවිරිදි විදෙස් රටක හිමි නමගේ දේහය රත්ගම කලපුවේ පාවෙමින් සිටියදී ඊයේ (08) සොයා ගත් බව රත්ගම පොලිසිය කියයි.
මෙම හිමි නම තමන් වහන්සේ වැඩ විසූ ආරණ්‍ය සේනාසනයෙන් දින කිහිපයක සිටම අතුරුදහන්ව සිටි බැවින් ඒ පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලකට අනුව රත්ගම කලපුවේ සිදු කළ සොයා බැලීමේදී සිරුර කලපුවේ පාවෙමින් තිබියදී සොයාගෙත් බවද පොලිසිය කියයි.
කවුරුන් විසින් හෝ උන්වහන්සේ ඝාතනය කර කලපුවට දැමුවේදැයි යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.
රත්ගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
672










