ආණ්ඩුවේ ණය කන්ද ජාතියේ මහා පහන් ටැඹ මතට කඩා වැටේ…

ආණ්ඩුවේ ණය කන්ද ජාතියේ මහා පහන් ටැඹ මතට කඩා වැටේ…

ලංකා බැංකුවේ විදෙස් ණය ශ්‍රේණිගත කිරීම B- කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහළ දැමීමට ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය විසින් ඊයේ (08) දිනයේ කටයුතු කර තිබේ.

ජාත්‍යන්තරව ගනුදෙනු කරනු ලබන මෙරට කුඩා බැංකු බොහොමයක් සහ ව්‍යාපාරික ආයතන විදෙස් ගනුදෙනු සඳහා ණයවර ලිපි ( LC ) විවෘත කරන්නේ ඉහළම ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි ලංකා බැංකුව හරහාය. ඔවුන් වෙනුවෙන් ඇපකරු ලෙස කටයුතු කරනු ලැබුවේ ලංකා බැංකුවයි. ඒ අනුව ලංකා බැංකුව හරහා ඇප තැන්පත් කිරීමකින් තොරවම ( 0% margin ) ණයවර ලිපි විවෘත කිරීමේ අවස්ථාව මේ දක්වා හිමිව තිබිණි. නමුත් ලංකා බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ වැටීමත් සමඟ ජාත්‍යන්තරව ගනුදෙනු කරනු ලබන සමාගම් හා බැංකුවලට 100%ක් ඇප තැන්පත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

ජාති‌යේ මහා පහන් ටැඹ ලෙස හඳුන්වන ලංකා බැංකුව විදෙස් ණය ශ්‍රේණිගත කිරීමවලින් පහළ හෙළීමත් සමග එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයකට දිගුකාලීනව දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසයි. එහි බලපෑම මෙරට මුල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සිදුකරන ප්‍රධානතම පෞද්ගලික බැංකුවලටද ඉදිරියේදී බලපානු ඇතැයිද ඔවුහු පවසති.

ආණ්ඩු ලබාගෙන ඇති දේශීය ණය පංගුවෙහි වැඩිම කොටස ලබා‌ ගෙන ඇත්තේ ලංකා බැංකුවෙන් බව පැවසෙන අතර ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් සිදු කරන ප්‍රධාන ආයතන කිහිපයම ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගතකිරීම්වලින් පහළ හෙළීමට පසුගියදා කටයුතු කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn