මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ඇප ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳව තීන්දුව අද (09) ගම්පහ මහාධිකරණයේදී ලබාදීමට නියමිතය.
එම තීන්දුව පසුගිය 07 වනදා ගම්පහ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත තිබූ නමුත් විනිසුරු නිමල් රණවීර මහතා රාජකාරී නිවාඩු ලබාදී තිබූ හෙයින් එම තීන්දුව එදින ලබා නොදී අද දිනය දක්වා කල් තබන ලදී.
ශානි අබේසේකර මහතා සමග බන්ධනාගාර ගත කර සිටින හිටපු උප පොලිස් පරීක්ෂක රෝහණ මෙණ්ඩිස්ටද ඇප ඉල්ලා ඇත.
161










