පොලිස් පොකුර පැතිරෙයි – පොලිස්පතිත් නිරෝධායනයට!

පොලිස් පොකුර පැතිරෙයි – පොලිස්පතිත් නිරෝධායනයට!

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු ඔහුගේ කාර්ය මණ්ඩලය පසුගිය 07 වැනිදා සිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.

පොලිස්පතිවරයාගේ රියැදුරා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමත් සමග මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර ඊයේ (08) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයට ද සහභාගි වී නොමැති බව පැවසේ.

පොලිස්පතිවරයාගේ කාර්යාලය පොලිස් මූලස්ථානයේ තුන්වන මහලේ පිහිටා ඇති අතර එහි සියලු නිලධාරීන් මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බවත් පොලිස් දෙපාර්තමේන්තුවේ අනෙකුත් අංශවල නිලධාරීන්ට පොලිස්පති කාර්යාලයට යාමද සීමා කර ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn