එවරස්ට් කන්ද මීටරයක් උස ගිහින්

එවරස්ට් කන්ද මීටරයක් උස ගිහින්

ලොව උසම කන්ද වන එවරස්ට් කන්දේ උස මීට පෙර ගණනය කළ උසට වඩා මීටරයක් පමණ වැඩි වී ඇතයි වාර්තා වේ. චීනයේ සහ නේපාලයේ ජනාධිපතිවරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් නිළ වශයෙන් එවරස්ට් කන්දේ උස අඩි 29,032ක් (මීටර් 8848,86) ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එය මීට පෙර ගණනය කර තිබු උසට වඩා මීටරයක් පමණ උස වැඩි වීමකි.

ඒ අනුව වසර ගණනාවක් පුරා ලොව උසම කන්දේ නිවැරදි උස පිළිබඳ පැවති අනුමානයන් සහ සාකච්ඡාවලට නිශ්චිත පිළිතුරක් ලැබී තිබේ.

Facebook
Twitter
LinkedIn