අජිත් රෝහණට ඔත්තුවක් – කතානායක නිවසේ 500කට පාටියක්

අජිත් රෝහණට ඔත්තුවක් – කතානායක නිවසේ 500කට පාටියක්

කොළඹ නගර සභා සිමාව තුළ කොරෝනා වසංගතය පාලනය කරගතනොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරීන් විසින් පවසන මොහොතක ජයවර්ධනපුර කතානායක නිළ නිවසේ ආරාධිතයන් 500 දෙනෙකුට ආරාධානය කර උත්සවයක් සංවිධානය කර ඇතැයි වාර්තා වේ.

අයවැය සම්මත වීමේ සතුට සැමරීම සඳහා හෙට පැවැත්වීමට නියමිත මෙම සාදය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හට ආරාධනා කර ඇතැයි වාර්තා වේ.

මෙම උත්සවය සඳහා සැරසිලි කටයුතු මේ වනවිටත් සිදු කරමින් පවතින අතර ආරාධිතයන් 700කට සුපිරි හෝටලයකින් ආහාර ඇණවුම් කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් කොරෝනා වසංගත තත්වයේ 3 වන අවස්ථාව යටතේ උත්සවයක් සඳහා සහභාගි විය හැක්කේ පුද්ගලයන් 50ත් 100ත් අතර ප්‍රමාණයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරයි.

Facebook
Twitter
LinkedIn