එංගලන්ත සහ දකුණු අප්‍රිකානු ක්‍රිඩකයන් කිහිපදෙනෙක් කොරෝනා වෛරසය ආසාදිතයන් බවට තහවුරු වීමෙන් පසු එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවීමට තීරණය කළ බව දෙරටේම ක්‍රිකට් පාලක මණ්ඩල ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටි.
දෙරට අතර පළමු එක්දින තරඟය කේප්ටවුන් හිදී ආරම්භ වීමට පැයකට පෙර එංගලන්ත කන්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමෙන් පසු මෙම තීරණය ගැනීමට සිදුවූ බව දැනගන්නට තිබේ.
කේප්ටවුන් හි ක්‍රිඩකයන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ජෛව ආරක්ෂිත බුබුලේ නියාමනයක් උල්ලංඝණය වීම නිසා ක්‍රීඩකයන් වෛරසයට ගොදුරු වී ඇතිබව වාර්තා වේ.
211










