උත්සව සමයේ කතරගම ප්‍රදේශයේ විනෝද චාරිකා සහ වන්දනාමාන සඳහා පැමිණිමට බලාපොරොතු වන අය තමන් පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් සහතික කළ ලිපියක් රැගෙන ආ යුතු බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක පවසයි.
කොරෝනා ආසාදිතවූ අයෙක් නම් ඔහු හෝ ඇය පූර්ණ සුවය ලබා ඇති බවත්, නිරෝධායනයට ලක්වූ අයෙක් නම් අදාල නිරෝධායන කාලසීමව සම්පූර්ණ කර පූර්ණ සෞඛ්‍යාරක්ෂිතව පසුවෙන්නේක් බවටත් වන සහතිකය කතරගම ප්‍රදේශයේ සංචාරය කරන සියලු දෙනාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ලිඛිතව ලබා ගතයුතු බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අවධාරණය කරයි.
420










