පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආසන්නයේ පිහිටි ආදාහනාගාරය සහ සුසාන භූමිය සහිත ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය මගින් හදිසියේම අත්පත් කරගෙන ඇත. පසුගියදා පැවති පෑලියගොඩ නගර සභා රැස්වීමේදී නගර සභාවේ සභාපතිවරයා විසින් මෙම සිදුවීම තහවුරු කර ඇත. මේ නිසා කිලෝ මීටර් තුනක් ඈතින් පිහිටි කැළණිය දක්වා මෘතදේහ රැගෙන යාමට පෑලියගොඩ ජනතාවට සිදුවී තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට කොළඹ ඇතුළු තදාසන්න නගරවල වටිනා ඉඩම් අත්පත් කරගැනීම වේගවත් කර ඇති බව නිරීක්ෂණය වේ. වසර 25ක් කොළඹ විශ්වවිද්‍යාලයේ මුත්තයියා නේවාසිකාගාරය පවත්වාගෙන ගිය ඉඩමද නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙලෙස අත්කර ගැනීමට කටයුතු කරමින් සිටී. කොළඹ මැනිං වෙළෙඳපොළ භූමියද කඩිනමින් හිස් කළේ නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට බවට වාර්තා වේ.
මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරිය භාරව සිටින්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය.










