දැඩි නිරෝධායන නීති පනවා ඇති අවස්ථාවක පොලිසි සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බලා සිටියදී අමු අමුවේ නිරෝධායන නීති කඩකරමින් අද (24) දින පොහොට්ටු ආණ්ඩුවේ මන්ත්‍රී පිල්ලෙයාන් ඇතුළු පිරිස විශාල වශයෙන් ජනතාව එක්රැස් කරමින් කටයුතු කළේය.
ඒ මඩකලපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 06 දෙනා මඩකලපුව මහධිකරණයෙන් ඇප මත නිදහස් කිරීමෙන් පසුවය.
646










