පසුගිය ඔක්තෝබර් මාසයේදී උද්ධමනය අඩු වී ඇති බව මහ බැංකු නිවේදනයක දැක්වේ.
එහි සඳහන් ආකාරයට සැප්තැම්බර් මාසයේ 6.4%ක් වූ උද්ධමන වේගය ඔක්තෝබර් මාසයේදී 5.5% දක්වා පහත බැස ඇති බව සඳහන්ය. එහි විශේෂත්වය වන්නේ 2019 ඔක්තෝබර් මාසයේ පැවති උද්ධමනය 5.6%ටද වඩා මෙම ඔක්තෝබර් මාසයේ අඩුවී තිබීමය.
එහෙත් එම මහ බැංකු නිවේදනයේම “2020 ඔක්තෝබර් මාසයේදී ආහාර කණ්ඩයේ, ප්‍රධාන වශයෙන් ලොකු ළූණු සහ සහල් මිල ගණන්වල ඉහළ යාමක් දක්නට ලැබිණි. එසේවුවද පළතුරු සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් හි පහළ යාමක් වාර්තා විය.” යනුවෙන්ද සදහන් කර තිබේ.
ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් වෙනස්වීම පිළිබඳව මෙයට පෙර කොළඹ පාරිභෝගික මිල දර්ශකය නම් මිනුම්දණ්ඩ පදනම් කරගෙන ගණනය කරනු ලැබීය. එහෙත් මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එය ජාතික පාරිභෝගික මිල දර්ශකය නම් වූ ඒකකය මත ගණනය කිරීමට පටන්ගෙන ඇත.
මේ අනුව ජනතාවගේ ජීවන වියදම වැඩිවෙන වේගය අඩු සඛ්‍යාත්මක අගයකින් දැක්වීමට කටයුතු කර ඇති බව පැහැදිලි වේ.










