පිල්ලෙයාන්ටත් ඇප ලැබෙයි

පිල්ලෙයාන්ටත් ඇප ලැබෙයි

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා ඇතුළු පස්දෙනෙකුට අද (24) දින මඩකලපුව මහධිකරණයෙන් ඇප ලැබී ඇත.

පසුගිය මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලෙස තේරී පත්වූ පිල්ලෙයාන් මඩකලපුව ටීඑන්ඒ මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහයම් ඝාතනය කිරීමට අදාළ නඩුවේ විත්තිකරුවෙකු ලෙස බන්ධනාගාරගත කරනු ලැබ සිටියේය.

මහ මැතිවරණයට වෙනම තරග කළද ආණ්ඩුවට සහය පළ කළ පිල්ලෙයාන්, පසුගියදා අගමැතිවරයා විසින් මඩකලපුව සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසද නම් කරනු ලැබ තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්