ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර නව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස ජනාධිපතිවරයා විසින් නම් කොට ඇතැයි සමාජ මාධ්‍යයන්හි වාර්තා කොට තිබේ.
ඊට අනුව විනිසුරු ජගත් බාලපටබැඳි සභාපතිත්වය දරන සාමාජිකයින් 09දෙනෙකුගෙන් යුත් යෝජිත රාජ්‍ය සේවා කොමිෂන් සභා නාම ලේඛනයේ 07වැනියට සඳහන් වන්නේ දිලිත් ජයවීර යන නමයි.
ව්‍යාපාරිකයෙකු ලෙස රජය සමග ටෙන්ඩර් ගනුදෙනු කරන දිලිත් ජයවීර වැන්නෙකු එවැනි ගනුදෙනුවලට රජයේ පාර්ශ්වයෙන් සම්බන්ධ වන රාජ්‍ය නිලධාරීන් පත්කිරීම, උසස්කිරීම, මාරුකිරීම ආදිය සම්බන්ධයෙන් තීන්දු ගන්නා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කරනු ලැබීම ලබැඳියාවන් අතර ගැටලුකාරී තත්වයක් මතු කරන බව විශ්ලේෂකයෝ පවසති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය සම්මත වීමෙන් පසුව කොමිෂන් සභා සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතියට යටත්ව පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිය.
574










