ආණ්ඩුවෙන් 15%ක “මෙන්සස් බද්දක්…”

ආණ්ඩුවෙන් 15%ක “මෙන්සස් බද්දක්…”

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 2021 අයවැය යෝජනා තුළ කාන්තාවන් භාවිතා කරන සනීපාරක්ෂක තුවා සඳහා 15%ක බද්දක් අයකිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මේ බව අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබූ අතර ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිද ” බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා” යැයි පැවසීය.

ලෝකයේ දියුණු රටවල් පාසල් දරුවන්ට, දුප්පතුන්ට, සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙනවා. සහන මිලට ලබා දෙනවා. මේක කාන්තාවන්ගේ අයිතියක්, සෞඛ්‍ය තත්වය නගා සිටුවන්නට මුලික අවශ්‍යතාවයක් ලෙස ලෝකයම සලකනවා. සෞභාග්‍යයේ ආණ්ඩුව ධනවතුන්ගේ බදු කපලා දැන් කන බොන, දෛනික අවශතාවන්ට බදු ගහනවා. යැයි වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්