වසර 2011 දී යාපනයේදී පැහැර ගැනීමට ලක්ව අතුරුදන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන දෙදෙනාගේ එම අතුරුදහන්වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් උසාවියේ ඇති නඩුවේ සාක්ෂි කරුවෙකු කර සිටි, අතුරුදහන්වන සමයේ ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට සාක්ෂි ලබාදීම සඳහා 2019 වසරේ නිකුත් කර තිබූ සිතාසිය, ගෝඨාභය රාජපක්ෂ මහතා වත්මන් ජනාධිපති වරයා ලෙස ඔහුට හිමි මුක්තිය පදනම්කරගෙන අවලංගු කිරීමට අභියාචනාධිකරණය කටයුතු කර තිබේ.
මෙම නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අවසාථා කිහිපයකදී එම නඩුව කැඳවූ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර කිහිප අවස්ථාවකදීම ගෝඨාභය රාජපක්ෂ මහතාටද සිතාසි නිකුත් කර තිබිණි.
එහෙත් අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි ලබා නොදුන් ගොඨාභය රාජපක්ෂ මහතා පසුව තමන්ට අධිකරණයේ පෙනී සිටීමට තරම් ආරක්ෂාවක් නැතැයි පවසමින් අධිකරණයට කැඳවීමට එරෙහිව වාරණයක්ද ලබාගන්නා ලදී.










