චූන් එකේ ඉන්න නිසා ආණ්ඩුවට නැව ගිලෙනහැටි පේන්නේ නැහැ…

චූන් එකේ ඉන්න නිසා ආණ්ඩුවට නැව ගිලෙනහැටි පේන්නේ නැහැ…

ගිලෙමින් පවතින නැව රෙපෙයාර් කර නැවත ගොඩගන්නා බව පැවසුවත් මේ ආණ්ඩුව “නැව ගිලුනත් බෑන්ඩ් චූන්” ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවත් නැව ගිලෙමින් පවතින බව ආණ්ඩුවට නොතේරෙන නිසා නැව දිගටම ගිලෙමින් ඇතැයි මාලිමාව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කළේය.

පැවති ආණ්ඩුව බිලියන 6000ක් ණය ලබාගත් බවත් මෙම වත්මන් ආණ්ඩුව මේ වසර දෙකට පමණක් බිලියන 5000ක් ලබා ගත් බවත් පැවති ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද රට ගිල්ලවන බවත් චූන් එකේ ඉන්නා නිසා ආණ්ඩුවට නැව ගිලෙන හැටි නොපෙනෙන බවත් ඒ මහතා පැවසීය. “ඔය චූන් එකේ පහුගිය ආණ්ඩුත් හිටියා, හැබැයි ඒකෙන් බැටකෑවේ මේ රටේ ජනතාව” යැයිද විජිත හේරත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසූවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

Facebook
Twitter
LinkedIn