මේ වනවිට රට තුළ පවතින කොවිඩ් -19 වෛරසයේ නව ක්‍රියාකාරිත්වය නිරික්ෂණය කිරිමේ දී සමාජ දුරස්ථභාවය මීටරයකට වඩා වැඩි පරතරයක් පවත්වා ගැනීම යෝග්‍ය බවත් ඒ අනුව මීටර් එකහමාරක හෝ දෙකක දුරස්ථභාවයක් තබා ගැනීමට දැන් සමාජයට සිදුව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංයශයේ මධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ “අලුත් වෛරස් ප්‍රභේදයත් එකක් දුරස්ථභාවය දැන් මීටර් එකහමාරක් දෙකක්වත් වෙන්න ඕනේ කියලා තමයි විශේෂඥවරු කියන්නේ. දෙයියන්ගෙ ලෙඩ හැදුනා වගේ වෙන්වෙලා ගෙදර ජීවත් වෙනවා නම් කොවිඩ් අනෙක් අයට බෝ වෙන්නේ නැතුව ඉන්න පුළුවන්.
මානව ප්‍රජාවගේ හැසිරීම තමයි කොවිඩ් පැතිරීම කොහොමද වෙන්නෙ කියලා තීරණය කරන්නේ. මේ රෝගය පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන කාර්ය තියෙන්නේ මහජනතාව වන ඔබත් මමත් අතර” යනුවෙනි.
259










