මේ වනවිට රට තුළ කොවිඩ් – 19 ආසාදිත ගැබිණි මව්වරු ගණන 80ව ඉක්මවා ඇතැයි වාර්තා වේ.
කොවිඩ් ආසාදනය වූ ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා නැගෙනහිර කොළඹ මූලික රෝහලේ පිහිටුවා ඇති දිවයිනටම ඇති එකම මධ්‍යස්ථානයේ පොසිටිව් ඒකකය තුළ මේ වනවිට මව්වරුන් 28 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් ඉන් ගැබිනි මව්වරුන් 04 දෙනෙක් දරුවන් බිහිකළ බවත් එහි විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා සඳහන් කරයි.
එහිදී විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ “ලංකාවටම තියෙන එකම මාතෘ කොවිඩ් පොසිටිව් ඒකකය තමයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කරලා තියෙන්නෙ. මේ වෙනකොට ලංකාවේ මව්වරුන් 80කට වැඩි ගණනකට කොවිඩ් වෛරසය වැළඳිලා තියෙනවා. කොවිඩ් වෛරස් ආසාදිත ගැබිනි මව්වරුන් 04 දෙනෙක් මේ රෝහලේදී දරුවන් බිහිකළා. කොවිඩ් වෛරසය ශරීරයේ නොමැති මට්ටම වාර්තා වුණාම මේ අය නිවෙස් බලා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.” යනුවෙනි.










