මේ වනවිට රටත තුළ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ සේවකයා මෙන්ම වඩේ, කඩල, පළතුරු විකුණ, එදිනෙදා කූලි වැඩවල නිරතව සිටින්නන් වැනි අසංවිධානාත්මක ජීවනෝපායන්වල නිරතව සිටින අය පවා දැඩි පීඩනයකට ලක්ව සිටින බවත් විශේෂයෙන් වෙළඳ කලාප සේවක සේවිකාවන් විශාල පීඩනයකට මුහුන දී සිටින බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.
බොහෝ පුද්ගලික අංශයේ ආයතන පුද්ගලිකව මැදිහත්වී PCR පරීක්ෂණ සිදුකරමින් තිබෙන බවත් මෙම ආයතන වෙත රජයේ උපදේශන මැදිහත්වීමක් අවශ්‍ය බවත් වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
මෙම ආයතනවල නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යනවා මෙන්ම කොරෝනා පාලනයද සිදු කළ යුතු බැවිනුත්, පීඩාවට පත්ව සිටින ජනතාව එම පීඩාවෙන් මුදවාගතයතු බැවිනුත් ඒ සඳහා වූ විශේෂ මැදිහත්වීමක් ආණ්ඩුවෙන් බලාපොරොත්තුවෙන බවත් වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේ ය.










