ආණ්ඩුව වහා රටට නිවැරදි තොරතුරු හෙළිකළ යුතුයි

ආණ්ඩුව වහා රටට නිවැරදි තොරතුරු හෙළිකළ යුතුයි

කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු රටට හෙළිකිරීමට ආණ්ඩුව පියවර ගතයුතු බවත් විවිධ සැක සංකා මතුවීම හරහා තව තවත් පීඩාවට පත්වීමට මෙම කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ට සිදු වී ඇති බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පවසයි.

එසේම පෞද්ගලික මෙන්ම රාජ්‍ය මාධ්‍ය හරහාත් මෙම කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකරන පුද්ගලික පහරදීම් දැඩි පිළිකුළෙන් යුතුව හෙළාදකින බවත් ඒ මහතා පැවසී ය.

ඊයේ (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පලකළ අතර එම මාධ්‍ය හමුව සඳහා ප‍්‍රගතිශීලී ස්ත‍්‍රී එකමුතුව නියෝජනය කරමින් ආචාර්ය ප‍්‍රභා මනුරත්න, ඩා බිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධිකාරිකා චමිලා තුෂාරි, හේමමාලි දිසානායක යන අයද සහභාගී වී සිටියහ.

Facebook
Twitter
LinkedIn