කඩා වැටුණු ගොඩනැගිල්ලට සිරවී සිටි දෙදෙනාත් ජීවිතක්ෂයට… සිරුරු ගොඩගනියි…

කඩා වැටුණු ගොඩනැගිල්ලට සිරවී සිටි දෙදෙනාත් ජීවිතක්ෂයට… සිරුරු ගොඩගනියි…

මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේදී පස්මහල් හෝටල් ගොඩනැගිල්ලක් ගිලාබැසීම හේතුවෙන් නිවසක් මතට කඩාවැටී එම සුන්බුන්වලට සිර වී සිටි අඹුසැමි යුවළ ජීවිතක්ෂයට පත්ව සිටියදී ඔවුන්ගේ සිරුරු ගොඩගෙන තිබේ.

මෙම සිද්ධියෙන් එම අඹු සැමි යුවලගේ මාස එකහමාරක් පමණ වයසැති බිළිඳාටද දිවි අහිමි විය.

පස්මහල් ගොඩනැගිල්ල එම නිවසමතට වැටෙන විට එහි අඹුසැමි යුවළත් ඔවුන්ගේ මාස එකහමාරක් පමණ වයසැති බිළිඳා සහ තවත් කාන්තාවක් දෙදෙනෙක් සිට තිබේ.

ඉන් කාන්තාවන් දෙදෙනා අනතුර සිදුවූ අවස්ථාවේදීම බේරාගැනීමට ප්‍රදේශවාසීන්ට හා පොලිස් නිලධාරීන්ට හැකිව තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්