හෝටන්තැන්නට තවත් මාර්ගයක් එපා… පරිසරවේදීහු විරෝධය දක්වති…

හෝටන්තැන්නට තවත් මාර්ගයක් එපා… පරිසරවේදීහු විරෝධය දක්වති…

හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා එහි පිවිසීමට මේ වනවිටත් මාර්ග දෙකක් තිබියදී තවත් මාර්ගයක් සැකසීම කාලෝචිත ක්‍රියාවක් නොවන බව දේශීය වානාන්තර සුරැකීමේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එහි සභාපති අතීක් නසීර් මහතාගේ අත්සනින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇති අතර මේ වන විටත් පට්ටිපොළ හා ඔහිය දෙසින් හොර්ටන් තැන්නට පිවිසීම සදහා මාර්ග දෙකක් පවතින බවත්, නව මාර්ගය ඉදි කළහොත් එහි කටයුතු හේතුවෙන් හෝර්ටන් තැන්නට ආවේණික සත්ව විශේෂ රැසක් විනාශ වීමේ අවදානමක් පවතින බවත් හෙතෙම සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

නන්පෙරියල් වතුයාය හරහා නැග්රැක් දක්වා වාහනවලින් ගමන් කර පසුව පා ගමනින් ලෝකාන්තය දක්වා සංචාරකයින්ට ගමන් කිරීම සඳහා මෙම නව මාර්ගය සැලසුම් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් කියාසිටියි.

සැලසුම් කර ඇති නව ප්‍රවේශය අධික නායයාම් හා රිය ධාවනයට නොසුදුසු ප්‍රදේශයක් බවත්, මේ හේතුවෙන් එහි පැමිණෙන සංචාරකයින් පවා අනතුරට ලක්විය හැකි බවක් දේශීය වනාන්තර සුරැකීමේ සංගමය අවධාරණය කරයි.

එමෙන්ම මෙම මාර්ගය ඉදිරිකිරීමෙන් හෝටන්තැන්න පාරිසරික කලාපය විනාශවීයාමේ තර්ජනයකට පවා මුහුණදියහැකි බව බොහෝ පරිසරවේදීහු අවධාරණය කරති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්