අද (24) උදෑසන 9.30ට පමණ නුවර පාරේ බැලුම්මහර ආසන්නයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් බස්රතයක ගමන් කරමින් සිටි මගියෙකු පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
එම බස්රථයක් කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබියදී කොළඹ පැත්තේම සිට පැමිණි මොටර් රථයක් එම බස්රථයේ ගමන් මග හරස් කොට නතරකර තිබේ. ඉන් පසු මෝටර් රථයෙන් පැමිණි සිව්දෙනකු බැස බස් රථයේ සිටි මගියෙකු එම බස්රථයෙන් බිමට බස්සවා ඔවුන් පැමිණි මෝටර් රථයට බලහත්කාරයෙන් නංවාගෙන යලි කොළඹ දෙසට ධාවනය කර ඇත.
මෙම පැහැරගැනීමට පිරිස පැමිණි මෝටර් රථයේ වැගන් ආර් (Wagon R) වර්ගයේ මෝටර් රථයක් බවත් එහි අංකය වන්නේ WP- CAW-3840 බවත් වාර්තා වේ.
lankaweb.lk
16










