දඹුල්ලේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් ශිල්පියා අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

දඹුල්ලේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් ශිල්පියා අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

කුඹුරු ඉඩමක් ගොඩකිරීම සඳහා ගලේවෙල වාසලකොට්ටේ ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000ක අල්ලස් මුදලක ලබා ගැනීමට උත්සාහ කළ නාගරික සංවර්ධන අධිකාරියේ දඹුග්ග කාර්යාලයේ සැලසුම් නිලධාරීවරයා අද (18) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සඳහා තමන්ගෙන් මුදලක් ඉල්ලූ බවට එම පුද්ගලයා අල්ලස් කෙමිසමේ නිලධාරීන් වෙත පැමිණිලි කිරිමෙන් පසු නිලධාරීන් කණ්ඩායමක් දඹුල්ල කාර්යාලයට ගොස් මුදල් ලබාදෙන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත.

දඹුල්ල මහ නගර සභාව, ඉඩම් කාර්යාලය, නාගරික සංවර්ධන අධිකාරිය යන කාර්යාල තුනම පවත්වාගෙන යන අතර එම නිලධාරියා අත්අඩංගුවට ගැනීමත් සමග එම සෑම අංශයකම නිලධාරීන් පැමිණ දැඩි ලෙස නොසන්සුන්කාරී ආකාරයෙන් හැසිරී තිබේ.

තම රාජකාරිවලට බාධා නොකරන ලෙසත් මුදල් ලබාගනිද්දීම මෙම වැටලීම සිදු කළ බවත් මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ මෙම නිලධාරියාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන්කරගැනීමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිත ය.

Facebook
Twitter
LinkedIn