අනෝදාව වත්තේ සිවිල් ආරක්ෂකයින් මත්පැන් ජාවාරමුන්ගෙන් කප්පම් අරගෙන මාට්ටු

අනෝදාව වත්තේ සිවිල් ආරක්ෂකයින් මත්පැන් ජාවාරමුන්ගෙන් කප්පම් අරගෙන මාට්ටු

විරකැටිය අනෝදාව වත්තේ රාජකාරි සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකායේ දෙදෙනෙකු විසින් හොර මත්පැන් (රටබීම නීතිවිරෝධීව අලෙවිකිරීම) ජාවාරමේ යෙදෙන පුද්ගලයෙකුගෙන් කප්පම් ලබාගැනීමට තැත් කිරීමේදී බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

තමන් පොලිසියෙන් යැයි පවසා බෙලිඅත්ත ගල්වාඩියේ රටබීම නීතිවිරෝධීව අලෙවිකිරීම සිදුකරන ජාවාරම්කරුවෙකු බිය ගන්වා සිවිල් ආරක්ෂකයින් දෙදෙනා මෙලෙස කම්පම් ලබාගැනීමට උත්සාහ දරා ඇත.

ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 26 සහ 27 යන වයස්වල පසුවන්නන් බවත් එක් අයෙකු වීරකැටිය අග්‍රාහැර ප්‍රදේශයේත් අනෙක් පුද්ගලයා වීරකැටිය කිරිකඳුරවත්ත ප්‍රදේශයේත් පදිංචි කරුවන් බව පැවසේ.

ඔවුන් අද තංගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

අනෝදාව වත්තේ නැමති විශාල ඉඩම ප්‍රබල දේශපාලඥයෙකුගේ හිමිකාරිත්වය යටතේ ඇති ඉඩමක් බවත් ඔහු රාජ්‍ය ආරක්ෂාව භාර ප්‍රබලයෙකු බවත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn