ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට එරෙහිව පවතින නඩු සඳහා නගරාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත්වන නීතීඥයින් සඳහා නඩු ගාස්තු ගෙවීමටත් උපදෙස් ලබාගැනීමටත් එම ගොඩනැගිල්ල යලි ප්‍රතිසංස්කරණය කිරීමටත් රුපියල් ලක්ෂ 45කට ආසන්න මුදලක් නගර සභාව මගින් වෙන්කරවා ගැනීමේ උත්සාහයක් පවතින බවත් ඒ සඳහා වන අනුමැතිය හෙට නගර සභාවේදි ගැනීමට සූදානම් වන බවත් මාලිමාව පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් රකරුණාරත්න මහතා අද (16) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අනාවරණය කර සිටියේ ය.
එසේ මුදල් අනුමත කර ගැනීම නීතිවිරෝධී බවත් එවැනි මුදලක් අනුමතකරගතහොත් ඊට එහෙරිව නගරාධිපතිවරයා ඇතුළු නගර සභාවේ සියලුම මන්ත්‍රීවරු වගඋත්තරකරුවන් කරමින් නඩු පවරන බවද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියේ ය.
මීට පෙර පූර්වාදර්ශනය ඇති බවත් එලෙස පැවති නඩුවකදී එවකට පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ මර්වින් සිල්වා මහතාට සහ පොලිස් ස්ථානාධිපතිවරයෙකුට පුද්ගලයෙකු සඳහා වන්දි ගෙවීමට සිදුවූ බවද ඒ මහතා එහිදී පෙන්වා දුන්නේ ය.










