ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

පසුගිය අගෝස්තු 05 දින පැවැති මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වු අතර ඒ සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නම් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.

ජාතික ජන බලවේගයේ පාර්ශ්ව සංවිධානයක් වන ජාතික විද්වත් සංවිධානයේ (NIO) අධ්යාපන ප්රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකාවක් වන අමරසුරිය මහත්මිය පසුගිය වකවානුවේ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කල කැපී පෙනන චරිතයකි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු ලේකම් ලෙස අධ්‍යාපනයට 6%ක් ලබාගැනීමේ අරගලය මෙන්ම සයිටම් අරගලය තුලද ඉදිරිපෙළ කාර්්‍යභාරයක් ඉටුකරමින් කටයුතු කල ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවට තේරීපත්වීම සුවිශේෂී සිදුවීමක් ලෙස දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

Facebook
Twitter
LinkedIn