නව කැබිනට් හා රාජ්‍ය ඇමතිවරු මෙන්න

නව කැබිනට් හා රාජ්‍ය ඇමතිවරු මෙන්න

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් අද(12) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

ඒ අනුව අදාළ විෂයන් භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නම් පහතින් දැක්වේ.

01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය

02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

03. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය

04. ජී.එල්.පීරිස් – අධ්‍යාපන අමාත්‍ය

05. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය

06. දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය

07. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

08. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය

09. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය

10. ආර්.සී.බී.රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය

11. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

12. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය

13. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

14. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය

15. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය

16. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය

17. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය

18. එස්.එම්.චන්‍ද්‍රසේන  – ඉඩම් අමාත්‍ය

19. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය  

20. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය

21. උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය

22. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය

23. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය

24. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය

25. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

26. අලි සබ්රී – අධිකරණ අමාත්‍ය

නව රාජ්‍ය අමාත්‍යවරු

චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන

දුමින්ද දිසානායක – සූර්ය බල, සුළං හා ජලවිවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය

දයාසිරි ජයසේකර – බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය

ලසන්ත අලගියවන්න – සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ – බන්ධනාගර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය

අරුන්දික ප්‍රානන්දු – පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය

නිමල් ලන්සා – ග්‍රාමීය මාර්ග හා අවශ්‍ය යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

විදුර වික්‍රමනායක – ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය

ජානක වක්කුඹුර – උක්, කජු, බඩඉරිගු, ගම්මිරිස්, කුරුදු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

විජිත බේරුගොඩ – දහම් පාසල්, භික්ෂූ අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය

ෂෙහාන් සේමසිංහ – සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය

ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

දිලුම් අමුණුගම – වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

විමලවීර දිසානායක – වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

තාරක බාලසූරිය – කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය

ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

කංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු, මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය

සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්‍රිත, ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සරත් වීරසේකර – පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය

අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සදාසිවම් වියාලේන්ද්‍රන් – තැපැල් සේවා සහ ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

තේනුක විදානගමගේ – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

සිසිර ජයකොඩි – දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය

පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය

ප්‍රසන්න රණවීර – වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

ඩී.වී. චානක – ගුවන් සේවා සහ අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ඩී බී හේරත් – පශූ සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය

ජීවන් තොන්ඩමන් – වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය

සීතා අරඹේපොළ – නිපුනතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය

චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය

Facebook
Twitter
LinkedIn