අනිලානා නිවාඩු නිකේතනයේ තිබී ගෝන අං තට්ටු, පිඹුරු හම් ඇතුළු භාණ්ඩ රැසක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

අනිලානා නිවාඩු නිකේතනයේ තිබී ගෝන අං තට්ටු, පිඹුරු හම් ඇතුළු භාණ්ඩ රැසක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නවරඑළියේ අංක 48, වෝටර් ෆීල් රෝඩ් හි පිහිටි අනිලානා ක්‍රේග්බෑන්ක් නැමති නිවාඩු නිකේතනයේ තිබී ගෝන අන්තට්ටු 15ක්, පිඹුරු හම් 01ක්, ගෝන ඇටකටු සෙට් 2ක්, සමනල්ලුන් විශාල ප්‍රමාණයක් සහ මුහුදු බෙල්ලන්ගේ කවච විශාල ප්‍රමාණයක් සමග එහි කලමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති කලමනාකරු දර්ශන නිශ්ෂංක නැමැත්තා වන අතර එම හෝටලයේ හිමිකරුවා වන්නේ අසංක සෙනෙවිරත්න නැමැත්තෙකි. ඔහු යෝෂිත රාජපක්ෂ මහතාගේ සහ නාමල් රාජපක්ෂ මහතාගේ රගර් පුහුණුකරුවා වන අතර රගර් සම්මේලනයේ සහ ක්‍රිකට් සම්මේලනයේ නතතුරු දැරූවෙකු බවද වාර්තා වේ.

ඔහුගේ අනිලානා හෝටල් ජාලයට අයත්ව හෝටල් වැඩි ප්‍රමාණයක් ඇත්තේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ ය.

මොවුන් කලක සිට මෙම සත්ව ජාවාරම සිදුකරගෙන ගොස් ඇතැයිද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn