ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 2,875ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 2,875ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2,875ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (11) දිනයේ මේ වනවිට හමුවී ඇති ආසාදිතයින් සිව්දෙනාද සමග ය.

මේ වනවිට කොරෝනා ආසාදිතයන් 242 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිත පුද්ගලයන් 2,622 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

රෝගීන් 11 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසය ආසාදනය වී නැතත් ආසාදිත ලක්ෂණ පෙන්නුම් කරන තවත් රෝගීන් 49 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙති.

Facebook
Twitter
LinkedIn