ලිඳුල තේ වත්ත, ප්‍රදේශයේ වතු කම්කරු නිවාස පෙළියක ඊයේ (10) රාත්‍රී 10.00 පමණ ගින්නක් හටගෙන තිබේ.
ඉන් ලැයින් කාමර 24ක් පමණ ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
තලවාකැලේ – ලිඳුල පොලිස් වසමට අයත් බඹරකැලේ තේ වත්තේ මැද කොස ප්‍රදේශයේ පිහිටි වතු ලැයින් කාමර පේළියක එක් නිවසක මෙම ගින්න හටගෙන ඇති අතර එහි කම්කරු නිවාස 24ක් සම්පූර්ණයෙන් ම ගිනිගෙන විනාශ වී තිබේ.
ගින්න හේතුවෙන් වතු නිවාසවල පදිංචි පවුල් 24කට අයත් 70ක පමණ පිරිසක් අවතැන්ව සිටිති.
ඔවුන්ට මේ වනවිට තේ වත්තේ තාවකාලික ස්ථානවල නවාතැන් පහසුකම් සැලසිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.
ගිනි ගැනිමෙන් කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදුවිමක් වාර්ථා නොවන අතර ගින්න ඇති වීමට නිශ්චිත හේතුවක් මෙතෙක් තහවුරු වී නොමැත.
ගින්න අද (11) අලුයම 2.00 පමණ වනවිටත් නිවා දැමීමට අසීරු වු බව පොලීසිය පවසයි.
12










