තමා කුණෑගල දිස්ත්‍රික්කයේ නායකයා ලෙස සිටින තුරු, ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීමට සෘජුවම සම්බන්ධ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ එක මයිල් ගහකට හානියක් වීමට ඉඩ තබන්නේ නැතැයි පොහොට්ටු පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අද (10) මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා හමුවේ දැනුම් දී තිබේ.
ඊට අමතරව අත්අඩංගුවට පත්නොවී සිටීම සඳහා නගරාධිපතිවරයාට සහාය දීම සම්බන්ධයෙන්ද තවත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා මහේස්ත්‍රාත් හමුවේ සඳහන් කර ඇත.










