මෙරට සමස්ත කොරෝනා අසාදිත රෝගීන් සංඛ්‍යාව 2,870ක් දක්වා ඉහළ දමමින් අද (10) දිනයේද ආසාදිතයින් 26 දෙනෙකු හමු වී තිබේ.
ඒ එක්සත් ආරාබි එමීර් සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙකු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් 23 දෙනෙකු ලෙස ය.
මේ වනවිට කොරෝනා ආසාදිතයන් 266 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිත පුද්ගලයන් 2,593 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
රෝගීන් 11 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෛරසය ආසාදනය වී නැතත් ආසාදිත ලක්ෂණ පෙන්නුම් කරන තවත් රෝගීන් 70 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙති.
13










