ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඇතුළත්ව අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් ලෙස 68කින් සමන්විත නව ආණ්ඩුවේ අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කළ බවද එහි සඳහන් වේ.
අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්යභාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇති බවද එහි දැක්වේ.
අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇතැයිද එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12වනදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දීමට නියමිත ය.
ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
[pdf-embedder url=”https://lankatruth.com/si/wp-content/uploads/2020/08/නව-අමාත්‍ය-මණ්ඩලය-2020.08.10.pdf” title=”නව අමාත්‍ය මණ්ඩලය 2020.08.10″]










