සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මි. (40-50) දක්වා තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද මේ හේතුවෙන් වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.









